සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම නිමිති කරගෙන සිංහල අලුත් අවුරුද්ද සැමරීම අනාදිමත් කාලයක සිට සිදුවන්නකි. ඒ අනුව මෙවර සිංහල අලුත් අවුරුදු උදාවෙන් පසුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් අලුත් අවුරුද්දේ රාජකාරිය ඇරඹීම අද (21) දින සිදුවිය.
එම අවස්ථාවට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි නියෝජ්‍ය උපකුලපති ආචාර්ය දම්පේ විජිතරතන හිමි, උපකුලපති සම්බන්ධීකාරක කථිකාචාර්ය සූරියවැව සුමේධ හිමි, කථිකාචාර්ය පැලවත්තේ රතනසිරි හිමි, පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය අසංග තිලකරත්න මහතා, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය පී.බී මණ්ඩාවල, බෞද්ධ අධ්‍යයන අංශයේ අධ්‍යයන උපදේශක මහාචාර්ය වසන්ත ප්‍රියදර්ශන මහතා, අභ්‍යන්තර තත්ත්ව පාලන ඒකකයේ අධ්‍යක්ෂ සේනක සෙනෙවිරත්න මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විය.













