පෙරඹරක දිලිහෙනා තිමිරපට ලෙසින්
පූදින්න සුවඳැති මල් කැකුළු පහසින්
නව ලොවට ඇරයුමක් ගෙන එනා විලසින්
පුදන්නෙමු “අනුරාව” ඔබ සැමට සෙනෙහසින්…..✨
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යනය ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ දෙවන වසරේ විද්‍යාර්ථයින් විසින් මෙහෙයවූ අනුරාව – 2026 නවක සිසුන් පිළිගැනීමේ උළෙල 2026 අප්‍රේල් 05 වන දින NIIBS විශ්වවිද්‍යාලයේ එළිමහන් පරිශ්‍රයේ දී පැවැත්විණි.
The Anurawa – 2026 Freshers’ Welcome Ceremony, organized by the second-year students of the Faculty of Humanities and Social Sciences at Nagananda International Institute for Buddhist Studies, was held on 5th April 2026 at the NIIBS University campus.




























