දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ගල්හා – පල්ලෙ දෙල්තොට ගල්කන්ද ඉසිපතන මෙහෙණි ආරණ්‍ය සේනාසනය හා අවට ගම්මානය නිරීක්ෂණය කිරීම

දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් ගල්හා – පල්ලෙ දෙල්තොට ගල්කන්ද ඉසිපතන මෙහෙණි ආරණ්‍ය සේනාසනය හා අවට ගම්මානය නිරීක්ෂණය කිරීම

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් මහනුවර දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගල්හා – පල්ලෙ දෙල්තොට, ගල්කන්ද ඉසිපතන මෙහෙණි ආරණ්‍ය සේනාසනය සහ ඒ අසල පිහිටි නිවාස 20ක් පමණ පූර්ණ හානියට පත්ව ඇති අතර නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදී, පසුගියදා (15) එහි වැඩම කළ අප විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන් ඇතුළු නියෝජිත පිරිසක් එකී මෙහෙණි ආරාමය ඇතුළු ගම්මානය යළි ගොඩනැගීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලදි.