දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් වෙහෙර විහාර හා ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්

දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් වෙහෙර විහාර හා ජනතාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් විශේෂ සහන වැඩපිළිවෙළක්

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා විනාශයට පත්වූ වෙහෙර විහාර හා ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම සඳහා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ සම්බන්ධීකරණයෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අප නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලය විසින් කටයුතු ආරම්භ කර ඇත.

ඊට සමගාමීව නායයෑම් සහ ගංවතුර තත්ත්වයන්ගෙන් දිවයිනේ වැඩිම බලපෑමකට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා සහන කටයුතු පිළිබඳව සොයාබැලීමට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පස්ගොඩ සුමිත්ත හිමියන් ඇතුළු කණ්ඩායමක් පසුගියදා (12) උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුන්නස්ගිරිය ජේතවනාරාම විහාරස්ථානය බලා ගිය අතර එහිදී එම විහාරස්ථානයෙහි විහාරාධිපති පූජ්‍යපාද කයිකාවල චන්දානන්ද හිමියන් බැහැදකින ලදි. පසුගිය දිනවල ආපදාවට ලක්වූ දේනාපිටිය, බඹරබැද්ද සහ ඒ අවට ගම්මාන රැසක ගම්වැසියන් දහසකට ආසන්න පිරිසකට සරණක්වී ඇත්තේ හුන්නස්ගිරිය ජේතවනාරාම විහාරස්ථානයයි.