ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා

ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා

මෙම උපාධිය ප්‍රථම වරට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් පිරිනමණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පිළිගත් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය හා SLQF නිර්නායක අනුකූලව විෂය නිර්දේශ සකස්කරන ලද ජාත්‍යන්තර‍ව පිළිගත් රැකියාභිමුඛ වසර 04ක ගෞරව උපාධි පාඨමාලාවක්.

ව්‍යවහාරික සන්නිවේදනය සඳහා ශ්‍රී ලංකාවේ ඇති එක ම පෞද්ගලික ගෞරව උපාධි පාඨමාලාව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් ප්‍රදානය කෙරෙන අතර න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සමඟින් සන්නිවේදනය අධ්‍යයනය කිරීමට කැමැති ඔබත් අද ම ලියාපදිංචි වන්න.

  • නව කණ්ඩායම් ආරම්භය: 2027 මාර්තු
  • දේශන පැවැත්වෙන දින: සෙනසුරාදා, ඉරිදා
  • මාධ්‍ය: සිංහල / ඉංග්‍රීසි

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2027 ජනවාරි 31

අයදුම්පත බාගත කිරීම සඳහා සබැඳිය:
https://drive.google.com/file/d/1slPv4qUm-QOBBC7_P3OyL3hQFSTjHxei/view?usp=sharing

සබැඳිය ඔස්සේ බාගත කරගන්නා ලද අයදුම්පත්‍රය, අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය සමඟ – සහකාර ලේඛකාධිකාරී, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS CAMPUS, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමු කරන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පාඨමාලාවේ නම සහ අයදුම් කරන භාෂා මාධ්‍ය සඳහන් කරන්න. උදා: ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාව – සිංහල මාධ්‍ය).

වැඩි විස්තර සඳහා අමතන්න: 077 980 1477 (කඨිකාචාර්ය සමීර අත්තනායක – පාඨමාලා සම්බන්ධීකාරක) / 070 149 1960 (කඨිකාචාර්ය සත්සරණි සමරසිංහ) / 011 290 4666

COM Hons Ad Sinhala 2027 Intake