කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2024.02.02 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට අනුබද්ධ – ගම්පහ, ඉහළ යාගොඩ මිහිඳු ආරණ්‍ය සෙනසුනේදී පැවැත්වේ.
සහභාගීත්වය (30) තිස් දෙනෙකුට පමණි. මුල් වෙන් කිරීම් තිහකට පමණක් සීමා වේ. සහභාගීත්වය වෙන් කිරීම හා පැමිණීම පිළිබඳ විස්තර සඳහා 077 279 4774 යන දූරකතන අංකයට අමතන්න.
නොමිලයේ සිදුකරන මෙම විවෘත වැඩසටහන සදහා තවත් අය සම්බන්ධ කරවා ගන්න.









