දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර බඹරබැද්ද ගම්මානයේ ජනතාවට සහන සැලසීම පිළිබඳ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාව

දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් උඩුදුම්බර බඹරබැද්ද ගම්මානයේ ජනතාවට සහන සැලසීම පිළිබඳ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාව

පසුගියදා ඇතිවූ දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් සිදුවූ නායයෑම් නිසා විපතටපත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර පිහිටි බඹරබැද්ද ගම්මානයේ ගම්වැසියන්ට සහන සැලසීම පිළිබඳ සොයාබැලීම සඳහා නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති හිමියන්ගේ අවවාද අනුශාසනා හා සම්බන්ධීකරණයෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පස්ගොඩ සුමිත්ත හිමියන් ඇතුළු පිරිසක් පසුගිය 12 වනදා එහි ගිය අතර එහිදී ඔවුන්ට අධි අවධානමට ලක්වූ නිවාස 100ක් පමණ නිරීක්ෂණය කරගත හැකිවිය.