NIIBS Vice Chancellor Delivers Lecture at Chulalongkornrajavidyalaya University's International Dhamma Missionary Training Programme

NIIBS Vice Chancellor Delivers Lecture at Chulalongkornrajavidyalaya University’s International Dhamma Missionary Training Programme

Chulalongkornrajavidyalaya University, one of Thailand’s leading and oldest state Buddhist universities, has been conducting a specialized training program for Buddhist monks engaged in Dhamma missionary activities for the past ten years. Today, a certificate-awarding ceremony is taking place for a group of monks who have successfully completed this decade-long training program.

Ven. Dr. Bodagama Chandima Thera, Vice Chancellor of the NIIBS Campus, had the opportunity to deliver one of the lectures for this program yesterday. The event was attended by the university deans, including Professor Ven. Walmoruwe Piyarathana Thero, along with other members of the academic staff.

A distinctive feature of this program is that all monks who successfully complete the training are granted diplomatic passports by the Government of Thailand, enabling them to engage in international missionary work.

Additionally, a Memorandum of Understanding (MoU) is currently in effect between the Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) and Chulalongkornrajavidyalaya University. This MoU fosters academic cooperation and collaboration between the two institutions.

තායිලන්තයේ ප්‍රමුඛ පෙලේ ඉපැරණි රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන චූලාලොන්කෝර් රාජ් විශ්වවිද්‍යාලය වසර 10ක් පුරා ධර්ම දූත ප්‍රචාරයට අවශ්‍ය භික්ෂූන් වහන්සේලා පුහුණු කරන පාඨමාලාවක් ක්‍රියාත්මක කෙරේ. එහි එක් කණ්ඩායමක් වසර 10ක පුහුණුව අවසන්ව සහතිකපත් ප්‍රදානය අද දින පැවැත්වේ.

එහි එක් දේශනයක් ඊයේ දින නාගානන්ද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපකුලපති, පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන් විසින් පවත්වන ලද අතර මෙම වැඩසටහන සදහා එම විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරු සහ මහාචාර්ය වල්මෝරුවේ පියරතන හිමියන් ප්‍රමුඛ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගී විය.

මෙහි විශේෂත්වය සහතිකපත්ලාභී සියලු භික්ෂූන් වහන්සේලාට රාජ්‍යතාන්ත්‍රික විදෙස්ගමන් බලපත්‍රයක් එරට රජය විසින් ලබාදීමයි.

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය හා තායිලන්තයේ චූලාලොන්කොර්රාජ්‍ය විශ්වවිද්‍යාලය අතර අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් ද ක්‍රියාත්මක කෙරේ.