නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨය මගින් මෙහයවනු ලබන මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාවේ 2025 වර්ෂයට අදාළ දේශන අවසන් කරමින් ප්‍රායෝගික පුහුණු සැසියක් පසුගිය 04 වැනි ඉරිදා දින ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ වසන්ත ප්‍රියදර්ශන මහතා විසිනි. එතුමා කැලණිය විශ්වවිද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂවරයා වන අතර, එතුමාගේ දේශනය තුළින් වර්තමාන උපදේශන ක්‍රියාවලියේ ස්වභාවය, එහි දිශානතිය, සහ සඵලවත් උපදේශනයක් සඳහා බෞද්ධ ඉගැන්වීම් ප්‍රායෝගිකව දායක කරගත හැකි ආකාරය පිළිබඳ ගැඹුරු, හරවත් හා සිත් බැඳගන්නා දේශනයක් පවත්වන ලදී. එමඟින් සාර්ථක උපදේශකයකු ලෙස සමාජයට කළ හැකි සේවය පිළිබඳ ද පැහැදිලි මගපෙන්වීමක් ලබා දෙන ලදී.
අනතුරුව ප්‍රවීන යෝගාචාර්ය ලීලානන්ද වික්‍රමාරච්චි මහතා විසින් සංගීතය මනස සුවපත් කරන ආකාරය, මනසික සුවය සඳහා නාද රටා යොදාගත හැකි ආකාරය පිළිබඳ විවිධ සංගීත භාණ්ඩ හා මෙවලම් භාවිතා කරමින් අතිශය ආකර්ෂණීය ප්‍රායෝගික සැසියක් පවත්වන ලදී.
මෙම පුහුණු වැඩසටහන මගින් විද්‍යාර්ථීන්හට නවීන මනෝවිද්‍යාත්මක දැනුමත් උපදේශන ක්‍රියාවලිය සදහා බෞද්ධ ඉගැන්වීම් සාර්ථකව ඒකාබද්ධ කරගැනීමේ හැකියාවත් සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදීමට හැකිවිය.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය තුළින් ක්‍රියාත්මක වන මනෝවිද්‍යාව හා බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා පාඨමාලාව තුළින් අපේක්ෂා කරන්නේ අර්ථවත්, දක්ෂ, සංවේදී හා වගකීමෙන් යුත් උපදේශකයින් බිහි කිරීමට අවශ්‍ය පදනම ගොඩනැගීමයි.













