Anula Seya

අනුලා සෑ වන්දනය සහ පුරාවිද්‍යා ප්‍රදර්ශනය

මිහින්තලය, අනුලාතිස්ස ස්ථූප පරිශ්‍රයේ 2024 මැයි මස 21 සිට 23 දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ඒකාබද්ධව පැවැත්වීමට සංවිධානය කර ඇති පුරාවස්තු ප්‍රදර්ශනයේදී පහත සඳහන් කාර්යයන් සංවිධානය කර ඇත.

  • අරහත් අනුලා මෙහෙණින් වහන්සේ වැඩවාසය කරන ලදැයි සැලකෙන පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි අනුලා ස්ථූපයේ පුරාවිද්‍යා කැණීම් කිරීමේ දී හමු වූ ධාතූන් වහන්සේලා හා අනෙකුත් පුරාවස්තු ප්‍රදර්ශනය.
  • අනුලාතිස්ස පුරාවිද්‍යා පරිශ්‍රයේ ඉදිරි පුරාවිද්‍යා කටයුතු සම්බන්ධව දෙපාර්ශවය අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉටු කිරීමට බලාපොරොත්තු වන පුරාවිද්‍යා කටයුතු පිළිබඳ පැහැදිලි කරන ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහනක් මගින් මහජනයා දැනුවත් කර අදහස් ලබාගැනීම.
  • දැනට පුරාවිද්‍යා කැණීම් නිම කර ඇති අනුලා ස්ථූපයේ ඉදිරි සංරක්ෂණ කටයුතු පිළිබඳව යෝජනා මහජනයා වෙත ඉදිරිපත් කර අදහස් ලබාගැනීම.
  • මෙම පුරාවස්තු ප්‍රදර්ශනයට සමගාමීව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ විද්‍යාර්ථීන් හා මිහින්තලය අධ්‍යාපන කලාපයේ තෝරාගත් දහම්පාසල් කිහිපයක සිසුන් විසින් පවත්වනු ලබන භක්ති ගීත වැඩසටහන.
  • ඉහත සඳහන් වැඩසටහන් වලට සමගාමීව මෙම ස්ථානයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් හා දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශනය.